ලක්ෂ්මන් වසන්ත පෙරේරා අත් අඩංගුවට


හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මාතලේ පොලිසියෙන් මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාතලේ පැවති රැළියකදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහර දුන්නැයි ඔහුට එරෙහිව  පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය කියයි.

පෙරේරා මහතා අද උදේ මාතලේ පොලිසියට බාර විය.