ලක්ෂයක මුදල් - මත්කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට


(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී කුඩු ග්‍රෑම් 5 ක් සහ රුපියල් ලක්ෂයක මුදල් සමඟ පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත්බව මොරටුව එගොඩ උයන පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු 2017 වර්ෂයේ තරුණයකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකර ඔහු මරණයට පත්වීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකු බව පොලිසිය කීය.

අදාළ සැකකරු පිළිබඳව ලැබුණ තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේදී මුදල් සහ කුඩු ග්‍රෑම් 5 හමු වූ බව පොලිසිය පැවසීය.

සැකකරු මොරටුව එගොඩ ප්‍රදේශය පදිංචිකරුවෙක් බවත් එගොඩ උයන ජනියා ලෙස සැකකරු හඳුන්වන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පැවසීය.