රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇද හැලෙන තද වර්ෂාව නිසා ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව පොලිසිය පවසයි.
විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන්ගෙන ඇති අතර මේ හේතුවෙන් කැලණිගඟේ ජලමට්ටම තරමක් ඉහළ යා හැකි බව පොලිසිය සඳහන් කරයි.
තද වර්ෂාවත් සමග කාසල්රී ජලාශයට පහළින් ඔස්බොන් වත්ත ප්‍රදේශයේ පස්කන්ද කඩාවැටීමෙන් හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය ඇන හිට ඇතැයි ද නෝටන්බ්‍රිජ් මස්කෙළිය මාර්ගයට ටේබර්ටන් ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය ගමනා ගමණය ද ඇන හිට ඇතැයිද පොලිසිය පවසයි.





