(රංජිත් රාජපක්ෂ , ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් පිහිටි පෞද්ගලික කුඩා ජල විදුලිබලාගාරයක් අසල තිබී බිළිඳියකගේ සහ කාන්තාවකගේ මළ සිරුරු සොයාගත් බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.
මෙම මළ සිරුරු නෝටන්බ්‍රීජ්, තෙබර්ටන් තේ වතුයායේ පදිංචිව සිටි රාධාක්‍රීෂ්ණන් අනිෂා නමැති වයස අවුරුදු දෙක හමාරක දැරියගේ හා සෙල්වරාජා සුසිලා නමැති 31 හැවිරිදි මවගේ බවට මියගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගත් බව පොලීසිය කියයි.
මියගිය දැරියගේ සීයා වන වීරප්පන් සඩයන් තම පුතාගේ බිරිඳ හා මිණිබිරිය ඊයේ උදෑසන ත්‍රීපෝෂ ලබා ගැනීමට කොත්තැල්ලෙන පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයට යන බව පවසා නිවසින් පිටව ගිය බවත්, සවස් වන තෙක් නිවසට නොපැමිණි බව පවසා එදින රාත්‍රී 07.30 ට පමණ නෝටන්බ්‍රීජ් පොලීසියට පැමිණිලි කර ඇත.
දැරියගේ මව වන (29) හැවිරිදි සෙල්වරාජා සුසිලා නැමති කාන්තාවගේ පාවහන් යුගළ, ඇඳුම් කීපයක් හා ත්‍රී පෝෂ කාඩ්පත ලක්ෂපාන දිය ඇල්ලට ඉහළ කැළණි ගඟේ ඉවුරේ තිබී සොයා ගත් බවත් නෝටන්බ්‍රීජ් පොලීසිය පවසයි.

