ලක්ෂ දෙකක් වතුරේ


නීතී විරෝධි ලෙස යාත්‍රාවකින් ඉන්දියාවට  පැමිණි ශ්‍රී ලාලංකික සරණාගතයකු එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් ධනුෂ්කොඩි වෙරළ තීරයේදී  අත්අඩංගුවට ගනු ලැබීයැයි  ඉන්දීය තානිපති ආරංචි මාර්ග කියයි.

සාන්තන් නැමැති මොහු  ඉන්දීය රුපියල් ලක්ෂයක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2.11) ගෙවා මෙම නීතී විරෝධි ගමන  පැමිණ ඇති අතර  මොහුන් සමඟ තවත් ලාංකික සරණාගතයින් පිරිසක් ද පැමිණ ඇතැයි  පැවසෙන අතර ඔවුන්  මොහු අත්හැර යළිත් ලංකා මුහුදු සීමාව වෙත පලා ගොස් ඇතැයි වාර්තා වේ.