ලක්ෂ දෙකකට සරසවි වරම්


(ඩයනා උදයංගනී)

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 178,337 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 15,960 දෙනෙක් මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.