ලක්ෂ දෙකකට තවමත් නියඟයෙන් පීඩා


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි ඇති වුවද දිස්ත‍්‍රික්ක 18 ක ජනතාව තවමත් නියඟයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම නියං තත්ත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයන්හි පවුල්  5,00,530කට අයත් 1,705,979 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (16) පස්වරු 4.00ට නිකුත් කළ වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.
එම වාර්තාව අනුව ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, යාපනය, මන්නාරම, රත්නපුර, මොණරාගල, මහනුවර, මාතලේ, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මෙයින් වැඩිම පීඩාවකට ලක්ව සිටින්නේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එම දිස්ත‍්‍රික්කයේ පවුල් 87,145 කට අයත් 2,88,784 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.