ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාව ලබන අධීක්ෂණ මන්ත්‍රීවරු 55 ක්


(කැළුම් බණ්ඩාර)

රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන ප්‍රවාහන දීමනාව ලබන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වෙත නිකුත් කර ඇත.

අමාත්‍යාංශය මෙම නාම ලේඛනය නිකුත් කර ඇත්තේ ලොකුගේ මන්ත්‍රීවරයා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් 55 දෙනකුට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ගෙවන බවත් එම මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව තමන් ළඟ තිබෙන බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක ප්‍රවාහන දීමනාවක් ලබාදෙන බව කීවේය.

මෙම මුදල සංවර්ධන සම්බන්ධීකරණ කටයුතුවලට පත්කර ඇති මන්ත්‍රීවරුන්ට ගෙවන බවත් එය පසුගිය ආණ්ඩුව කාලයේදී ද සිදු වූවක් බවත් ඇමැතිවරයා පැවැසීය. මේ නිසා මෙය අලුත් දෙයක් නොවන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර මෙම ලැයිස්තුවේ නම සඳහන් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා සංචාරක සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙස පත්වීමෙන් පසුව මෙම ප්‍රවාහන දීමනාව ගෙවීම නවත්වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව දැනට ප්‍රවාහන දීමනාව ලබන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මෙසේය.

සිසිර කුමාර අබේසේකර මහතා,

ආනන්ද අලුත්ගමගේ මහතා,

රංජිත් අලුවිහාරේ මහතා,

තුෂාර ඉඳුනිල් මහතා,

හෙක්ටර් අප්පුහාමි මහතා,

අතුරලියේ රතන හිමි,

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා,

නාලක ප්‍රසාද් කොලොන්නේ මහතා,

සිරිනාල් ද මෙල් මහතා,

මයන්ත දිසානායක මහතා,

ඩී. චන්දිම ගමගේ මහතා,

එඞ්වඞ් ගුණසේකර මහතා,

විජේපාල හෙට්ටිආරච්චි මහතා,

නලින් බණ්ඩාර ජයමහ මහතා,

අනුර සිඞ්නි ජයරත්න මහතා,

ලකී ජයවර්ධන මහතා,

කාවින්ද හේෂාන් මහතා,

වේලුකුමාර් මහතා,

අරවින්ද් කුමාර් මහතා,

ආනන්ද කුමාරසිරි මහතා,

ඉම්රාන් මහරුෆ් මහතා,

එම්.එම්. අබ්දුල්ලා මහරුෆ් මහතා,

අජිත් මාන්නප්පෙරුම මහතා,

එම්.අයි.එම්. මන්සුර් මහතා,

ආශුබෝධ මාරසිංහ මහතා,

එස්.එම්. මරික්කාර් මහතා,

අලි සහීර් මවුලානා මහතා,

බුද්ධික පතිරණ මහතා,

සුජිත් සංජය පෙරේරා මහතා,

කේ.කේ. පියදාස මහතා,

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

අශෝක ප්‍රියන්ත මහතා,

මුජිබර් රහුමාන් මහතා,

ඉෂාක් රහුමාන් මහතා,

හර්ෂණ සුපුන් රාජකරුණා මහතා,

සන්දිත් සමරසිංහ මහතා,

වතුර සේනාරත්න මහතා,

එම්. තිලකරාජා මහතා,

එම්.එස්. තවුෆික් මහතා,

සුරේෂ් වඩිවේල් මහතා,

හේෂාන් විතානගේ මහතා,

ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා,

තුසිතා විජේමාන්න මහත්මිය,

රෝහිනී කුමාරි මහත්මිය,

චමින්ද විජේසිරි මහතා,

ඒ.ඒ. විජේතුංග මහතා,

මලික් ජයතිලක මහතා,

කාදර් මස්තාන් මහතා,

අංගජන් රාමනාදන් මහතා,

ආරුමුගම් තොණ්ඩමන් මහතා,

ඩග්ලස් දේවානන්ද මහතා,

ප්‍රේමලාල් ජයසේකර මහතා,

ජයම්පති වික්‍රමරත්න මහතා,

පියංකර ජයරත්න මහතා,

මුත්තු සිවලිංගම් මහතා