ලක්ෂ දෙකක කප්පමක් ඉල්ලූ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් දැලේ


(ඉන්දිකා රාමනායක)

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ඉල්ලා සිටි කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය.

මොවුන් මෙම කප්පම් මුදල රුපියල් 50.000ක මුදලක් වූ මූලික පියවර වශයෙන් බැංකු ගිණුමකට බැර කරගෙන කර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇඹිලිපිටියේ පදිංචිකරුවකු  බවත් කප්පම් ගැනීම සඳහා ගිණුමක් විවෘත කර දී ඔහුට සහාය දැක්වීම සම්බන්ධයෙන් කාන්තාව සහ ඇගේ සැමියා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

කාන්තාව සහ ඇගේ සැමියා ගනේමුල්ලේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි