ලක්ෂ දහයේ කප්පම ගෙවා දරුවා බේරා ගනියි


පිරිසක් විසින් පැහැර ගැනුණු  අවුරුදු පහක දරුවා   රුපියල් ලක්ෂ දහයක කප්පමක් ගෙවා බේරා ගත් බව වවුනියාවේ ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කළ බව වවුනියාව පොලිසිය   කියයි.

 දරුවා පෙර පාසල් ගොස් පැමිණෙන අවස්ථාවක සංවිධානාත්මක කල්ලියක් දරුවා පැහැරගෙන ගිය බවත්, දරුවා නිදහස් කිරීමට නම් රුපියල් තිස් ලක්ෂයක් ඉල්ලූ බවත්, එතරම් මුදලක් නැතැයි කීවිට රුපියල් දස ලක්ෂයක් ඉල්ලා සිටි බවත්, එම මුදල් පාර්සලය වව්නියාව පූවරසන්කුලමේ කසල බැහැරකරන ස්ථානයේ දමා ගිය පසු දරුවා එවූ බවත් ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සඳහන් වෙතියි පොලිසිය පවසයි.

කප්පම ගෙවීමට පෙර පොලිසියට දැන්වූයේ නම් මුදල ගෙවීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ බවත්, සිද්ධිය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් කියිපයක් යෙදවූ බවත් පොලිසිය කියයි.