ලක්ෂ එක හමාරක විදේශීය මත්පැන් සමග ගුවන්තොටේදී කාන්තාවක් අත්අඩංගුවට


(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් එක්ලක්ෂ හැට පන්දහසක් වටිනා  විදේශ මත්පැන්  බෝතල් 24  නීති විරෝධි ලෙස  කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සහ කළ ව්‍යාපාරික කාන්තාවක අද (02) දින  උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල පොලීසිය  කියයි.
 සැකකාරිය  කොළඔ 14 පදිංචිව කාන්තාවක බවත් නිතර ඉන්දියාවට ගොස්  ව්‍යාපාරක කටයුතු වල යෙදෙන්නියක බවට තොරතුරු ලැබි ඇතැයි පොලිසිය කියයි