ලක්ෂ අටේ ඉබ්බා පොලිස් කටේ


රුපියල් අට ලක්ෂයකට විකුණන්නට ගෙනා සුදු සහ කහ පැහැති ඉබ්බකු සමග සිව් දෙනකු කිරිඳිවැල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නගරයේ නවතා තිබූ කැබ් රථයක් ගැන සැක යැයි පොලිසියට ලද තොරතුරකට අනුව රථය පරීක්ෂා කරද්දී අඟල් 12ක් දි හා අඟල් 9ක් පළල මේ ඉබ්බා හමු වී ඇත.