ටී.කේ.ජී.කපිල
රුපියල් ලක්ෂ 96 ක් වටිනා අයිස් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ .
ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6සී1205 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 50 හැවිරිදි ඉන්දියා ජාතිකයකු ළඟ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත.
ඔහු පිළිබඳව කල් ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ හෙයින් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිට මෙම ඉන්දීය ජාතිකයා සමග ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ අයිස් මත්කුඩු තොගයා සොයා ගත් බව පොලිසිය කියයි.