ලක්ෂ 94ක වල්ලපට්ටා රට පටවන්න බැරිවෙයි


ටී.කේ.ජී.කපිල

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව    රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

ඔවුහු මීගමුවේ පදිංචිකරුවෝය.                     

ඔවුන් රැගෙන ආ ගමන් මලු 06 ක රුපියල් 9,462,500 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රෑම් 119 ක්   තිබුණු බව රේගුව කියයි.