( ටී.කේ.ජී.කපිල )
රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (22) අලුයම දී අත්අඩංගුවට ගෙන ඇත.
එම රත්තරන් තොගයේ මුළු වටිනාකම රුපියල් 91,13,850 පමණ වටිනා බව රේගුව සඳහන් කරයි.
කොළඹ , මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික යුවළක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අද (22) අලුයම 5.45 ට පමණ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9 ඩබ්ලිව් - 255 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වි තිබේ.
ඔවුන් විසින් රැගෙන එනු ලැබූ අත්බෑග් , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්කෑන් පරීක්ෂාවට ලක් කරද්දී , ඒ තුළ සඟවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 2 , ග්‍රෑම් 355 ක් බර රත්තරන් කැබලි තොගයක් සඟවා ගෙන තිබී සොයාගෙන ඇත.
රජය විසින් මෙසේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් රත්තරන් පිට කිරීම පාලනය කිරීමට 15% ක බදු පනවා තිබියදීත් , මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට පත් ප්‍රථම රත්තරන් තොගය මෙය වීම විශේෂත්වයකි.
මොවුන් දෙදෙනා සහ රත්තරන් තොගය අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.