රුපියල් ලක්ෂ 90ක් වටිනා රත්තරන් බිස්කට් 18ක් කිලෝ එකයි ග්‍රෑම් 800ක් තම සිරුරේ සඟවාගෙන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයෙක් අද කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඇමරිකා ඩොලර් 300ක් රුපියල් 38700 කුලියට මේ වැඩේ කර ඇත.

