(කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
ඇය 54 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි.
ඇගට හිර වන සේ හැද සිටි දිගු කළිසමේ සාක්කු වල මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ග්‍රෑම් 290 ක් බර අත් පළදනා තොගයක් සහ ග්‍රෑම් 945 ක් බර මාල තොගයක් මෙසේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි .
සහකාර රේගු අධිකාරීවරුන් වෙත ඒ.එන්.ජේම්ස් සහ සම්පත් ජයරත්න යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම් . ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ .