ලක්ෂ 72ක වල්ලපට්ටා ඩුබායි යවන්න බැරිවෙයි


ටී.කේ.ජී.කපිල   
 
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු   කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු  අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

 
අවුරුදු 26 , අවුරුදු 31 සහ අවුරුදු 26 යන වයස්වල පසුවන මොවුන් , මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
 ඔවුන්   රැගෙන ආ ගමන් මලුවල රුපියල් 72,21,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 82 යි ග්‍රෑම් 550 ක් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන්   සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
 
මෙම වල්ලපට්ටා ඩුබායිහී කර්මාන්තශාලාවල සුවද විළවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවට කරුණු අනාවරණය වී තිබේ .
 
සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර මාර්ක් ඇන්ටනි සහ චමිදු සමරකෝන් යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
 
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ ඕ.ජේ.ඔබේසේකර , රේගු අධිකාරී එස්.රවිකුමාරන් යන මහත්වරු  මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.