ලක්ෂ 64ක සල්ලි ඉන්දියාවට ගෙනියන්න බැරිවේ


ප්‍රසාද් මුතුකුඩ

 

රුපියල් හැටහතර ලක්ෂ එක්දහස් අටසිය හතළිහක් නීතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන යාමට  උත්සහ කළ  ඉන්දියානු ජාතිකයකු (43)  අත්අඩංගුවට  ගනු ලැබු බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  විපුල මිනුවන්පිටිය  මහතා පවසයි.

මොහු  ඉන්දියාවට යාමට  කටුනායක ගුවන්තොටුපළට පැමිණ  සිටියදී රේගු නිළධාරින් හට ලද සැකය මත මොහුව පරික්ෂා කර ඇත.

එහිදි මෙරට මුදල් නොට්ටු තොගය සොයා ගත් බවත් සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඉන්දියානු රුපියල් මාරුකර  ලක්ෂ 3  කැසිනෝ සුදුවේ යෙදී  පරාද වු බැවින්  ඉතිරි මුදල් ඉන්දියාවට  රැගෙන යාමට  සැකකරු උත්සහ  කර  ඇති   බව  කළ පරික්ෂණයේ දී  අනාවරණය වු බව රේගුව පවසයි.