ලක්ෂ 50ක රට සල්ලි පස්ස පැත්තෙන් එළියට
රුපියල් ලක්ෂ 50ක රට සල්ලි සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන්තොටින් සිංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයකු(49) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ගුවන්තොට වැසිකිළියේදී මුදල් එළියට ගෙන ඇත.
ඇමරිකා හා සිංගපූර් ඩොලර්, ස්විස් ෆ්රෑන්ක් සහ යුරෝ මෙලෙස සඟවාගෙන යන්නට තැත් කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ගුවන්තොට රේගුව බාරයට පත්කැරිණි.

