(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් කොළඹ වරායෙන් හොර රහසේ පිටකිරීමට උත්සාහ කළ අයෙක් සුඛෝපභෝගී වෑන් රියක් සමග කොටහේන ගල්පොත්ත වටරවුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් අණ නොතකා පළා යමින් සිටියදී මෙම වෑන් රථය ලුහුබැඳ ගිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පළා යමින් සිටියදී පොලිසිය ගමන් කළ යතුරුපැදි දෙකද අනතුරට පත්කර ඇතැයි පොලිසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට සුළු තුවාල ද සිදුව ඇති අතර සැකකරු අදාළ මත්පැන් තොගය අධීවේගී මාර්ගය ඔස්සේ ගම්පහට ප්‍රවාහනය කරමින් සිට ඇත.

