ලක්ෂ 50ක කප්පමෙන් 39 ක් සොයාගනී.


අමල් වික්‍රමරත්න
 
ලක්ෂ 50කප්පම් සිද්ධියේ මහ මොලකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මුදලින් 39 ලක්ෂ අසුදහසක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.


ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ගාල්ල කොට්ඨාශය භාර පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා පැවසීය.


පසුගිය 21 වනදා ගාල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ සොහොයුරෙකු හාරකොටියක් ඉල්ලමින් පුද්ගලයන්  තිදෙනෙකු විසින් එම ව්යාපාරිකයාගේම වාහනයෙන් පැහැරගත් අතර ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබාදීමෙන් අනතුරුව පැහැරගත් ව්‍යාපාරිකයා සහ වාහනය මුදා හැරීමට කප්පම් කල්ලිය කටයුතු කළේය.


පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වීමෙන් පසුව CCTV කැමරාවක සටහන්ව තිබු දර්ශන ඔස්සේ සොයාගත් තොරතුරු විමර්ශනයෙන් පසුව සිද්ධියට සම්බන්ද යැයි සැකපිට යුධ හමුදා විශේෂ බලකායේ වසර 8 ක් සේවය කර ඉන් ඉවත්වූ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට  ගෙන ඇත.


තවත් සැකකරුවකු පොලිසිය සොයමින් සිටී.අත්අඩංගුවට පත්  හිටපු හමුදා සෙබළා ලග තිබී මුදල් කොටසකුත් දැනට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින පුද්ගලයාගේ මාතලේ නාවුල ආදාවල ප්‍රදේශයේ නිවස අසල වලදමා තිබියදී තවත් මුදල් ප්‍රමාණයකුත් ඇතුළුව 39 ලක්ෂ අසුදහසක මුදලක් සොයාගෙන ඇත.