(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකට රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචා කර අගරු චෙක්පත් ලබා දුන් බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක් අද (25) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
පැමිණිලිකාරිය හා සැකකාරිය කාලයක සිට හිතවත්කමින් සිටි ඇති අතර මාස හතරක පමණ කාලයකින් නැවත ලබාදෙන පොරොන්දුව මත පැමිණිලිකාර ව්‍යාපාරික කාන්තාවගෙන් රුපියල් ලක්ෂ පනහක මුදල් ඉල්ලා ගෙන ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත.