(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇය මීගමුව,කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.
ඇය රැගෙන ආ ගමන් බෑගයේ මාල,වළලු ,කරාබු , මුදු , අත් පළදනා ඇතුළු ග්‍රෑම් 432 ක් බර,මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.