
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොට බටගොඩ සහ උඩුවර ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්පෙති , හොරෙයින් මත්කුඩු සහ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙක් අද ( 3 ) අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලීසිය කියයි
එම සැකකරුවන් සමග විවිධ වර්ගයේ මත්පෙති හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ,මත්කුඩු ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් හා කියලා ගංජා පැකට් දහයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත .
අඟුරුවාතොට පොලිසියට අනුයුක්තව සේවය කරන බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයෙන් සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි


