ලක්ෂ 5 ක දේපළ සොරා ගත් බඩෝවිට ‘බබී’ අත්අඩංගුවට



 
(බිමල් ශ්‍යමන් ජයසිංහ)


ගල්කිස්ස ගොඩනැගිලි ඉදිකරන  වැඩ බිම් වලට සහ නිවාස වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී ලක්ෂ පහකට අධික දේපළ සොරා ගත් බව කියන බඩෝවිට බබී නැමැත්තා  අද (01) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


එලෙස සොරා විවිධ වර්ගයේ  විදුම් යන්ත්‍ර, ජංගම දුරකතන විස්සකට ආසන්න ප්‍රමාණයක් පිත්තල පහන්, රීදි භාණ්ඩ, වයර් රෝල් ඉතා වටින ජලනල කරාමයක් පොලිසිය බාරයට ගෙන ඇත.


ඉකුත් මාස කීපය තුළ ප්‍රදේශයේ වැඩබිම් හා නිවාස වලින් දේපල සොරා ගැනීම එක පිට එක වාර්තා වීම සම්බන්ධ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටියදී ලද තොරතුරක් අනුව සැකකරු  අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එලෙස සිදු කළ සොරකම් අටක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණු බව පොලිස් නිලධාරීයකු පැවසීය.


එලෙස සොරකම් කරන ලද දේපළ ගල්කිස්ස පොලිස් වසමේ අඩු මුදලට විකුණා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.