( ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
අද අලුයම 1.57 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්රෑම් 320 ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්රෑම් 52 ක් සහ හෂීස් ග්රෑම් 230 ක් සගවා ගෙන පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති .
(ඡායාරූපය - ප්‍රසාද් මුතුකුඩ)