ලක්ෂ 45ක ගංජා - කුඩු සුඛෝපබෝගී නිවෙසකින් හමුවෙයි


(අනීෂා මානගේ)

රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද(20) අත්අඩංගුවට ගනු ලැබීය.
 
අත්අඩංගුවට ගත් සැකකරු වීරකැටිය බැඳිගම ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.
 
වීරකැටිය බැදිගම ප්‍රදේශයේ සුඛෝපබෝගී දෙමහල් නිවෙසක කාලයක සිට මෙම ගංජා ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය කියයි.