ලක්ෂ 43ක කහ අල්ලයි


(කල්පිටිය පද්මා කුමාරි)

නීතිවිරෝධී ලෙසින් ලංකාවට ගෙන ආ කහ කිලෝ 1234ක් අද (29) සවස කල්පිටිය දූපත් සමූහයට අයත් වෙල්ල දූපතේ වලදමා සඟවා තිබියදී සොයාගන්නා ලදී.

මෙම කහවල වටිනාකම 43,19,000 කි.

මෙම කහ තොගය සමග පුද්ගලයන් 6 දෙනෙක් සහ වැගන් ආර්. රථයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.