
(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(05) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ධීවර කාර්මිකයෙකි .
මොහු අද අලුයම 05.25 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සගවා ගෙන තිබුණි .
මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගය එළඹෙන 10/08 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට

