( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර අරුක්ගොඩ දංකැටියවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 38 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි.
එම සැකකාරිය සමග හොරයින් මත්කුඩු හා ජාවාරමට යොදාගත් ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
අළුබෝමුල්ල පොලිසියට ලද තොරතුරකට අනුව එම නිවස වටලා පොලිස් කාන්තාවක් ලවා සැකකාරියේ පරික්ෂා කිරීමෙන් වෙමින් මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය පහරදීමෙන් ඝාතනයට ලක්වූ මත්ද්‍රවය ජාවාරම් කරුවෙකු වන අළුබෝමුල්ලේ කළු කොටියාා නමැත්තාගේ සහෝදරයාට අයත් ඒවා බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

