ලක්ෂ 30ක ගංජා සමග අයෙක් සැකපිට


(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 30 ට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග ජවාරම්කරුවකු කොටහේන ගුණානන්ද මාවතේ දී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද(13) අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව කේරළ ගංජා කිලෝ 29 යි ග‍්‍රෑම් 210 ක් තිබී ඇත.
සැකකරු ගමන් මලූ දෙකක දමා  මෙම කේරළ ගංජා තොගය ඔහුගේ කොටහේන නිවස වෙත රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ති‍්‍රකුණාමලයේ ලිංගනගර් ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු කොටහේනේ  ගුණානන්ද මාවතේ කුලී නිවසක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබු බවද පොලිසිය කියයි.