ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග
ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් රැගෙන විත් බෙදාහැරීමට රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ 30කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී අත්ඩංගුවටගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.
අයිස් නැමති මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේදී හමුවූ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කළේය.
යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය රැගෙනයන පුද්ගලයකු පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
මේවා ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කොළඹ ප‍්‍රදේශයේ සමාජශාලා වෙත බෙදාහැරීමට නියමිතව තිබූ බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක හා 23 ක තරුණයින් වේ.
ලක්ෂ 30ක අයිස් මත්කුඩු තලෙයිමන්නාරමෙන් අල්ලයි
Recommended Articles