ලක්ෂ 300කට මුතු ඇට අලෙවි කිරීමට ගිය 5ක් අත්අඩංගුවට


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

නිධානයකින් ලබාගත් බව කියන මුතු ඇට හාරසිය විස්සක් රුපියල් ලක්ෂ 300 ක මුදලකට අලෙවි කිරීම සඳහා ගිය පස් දෙනෙකු 23 දින රාත්‍රීයේදී දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන්  අතරින් තිදෙනෙකු යුද හමුදාවේ ලාන්ස් ක්‍රෝපල්වරු වීම විශේෂත්වයකි.

ගලේවෙල  නිරංගමුව මාදිපොල ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු විසින් නිධානයකින් ලබාගත් බව කියන මෙම මුතු ඇට අලෙවි කිරීමේ කොන්ත්‍රාතුව ලබා ගෙන ඇත්තේ යුද හමුදාවේ තිදෙනා විසින් බව පොලීසිය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කීරීමේදී හෙළි වී ඇත්තේ මෙම මුතු ඇට නිධානයකින් ලබාගත් බව කියන මාදිපොල ප්‍රෙද්ශයේ පදිංචිකරුට එක  මුතු ඇටයක් සඳහා රුපියල් දහසක මුදලක් ලබාදෙන බවට  යුද හමුදා සෙබළුන් පොරොන්දු වී ඇති බවයි.

අත්අඩංගුවට පත් යුදහමුදා නිලධාරීන් ත්‍රිකුණාමලය, වත්තල හා තෝපුර්  ප්‍රෙද්ශවල පිහිටි යුද හමුදා කඳවුරුවලට අනුයුක්තව සේවය කරන අය වෙති. ඔවුන් බදුල්ල ,අම්පාර, පොලොන්නරුව, හා  තිස්සමහාරාම  ප්‍රෙද්ශයේ පදිංචිකරුවන්  බව පොලිසිය කියයි.