රුපියල් ලක්ෂ 30 ත් වටිනා රන් කැබලි 6 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි වල බර ග්‍රෑම් 600 කි.
සැකකරු 51 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට යු.එල් 122 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

