ලක්ෂ 25ක විදුලි රැහැන් හොරගොඩ


 රුපියල් විසි පන් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් විදුලි රැහැන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මේ වසරේ කපාගෙන ගොස් ඇතැයි අම්පාර විදුලිබල මණ්ඩලය කියයි.

මෑතක දී මීටර එකසිය දහයක් පමණ කපාගෙන යෑමෙන් ප්‍රදේශයේ නිවාස 20ක පමණ ශීතකරණ, වාසැකසුම් සහ අනෙකුත් විදුලි උපකරණ වලට හානි වී තිබිණි.

අම්පාර විදුලි අධිකාරී එල් ඒ ටී ජී මධුසංඛ මහතා කියනුයේ සෘණ ආරෝපණයකින් යුත් තඹ කම්බි කපා ගෙන යෑමෙන් නිවෙස්වලට ලැබෙන වෝල්ට් 230 විදුලි ප්‍රමාණය වෙනුවට වෝල්ට් 400ක පමණ ධාරිතාවකින් විදුලිය නිවාසවලට සැපයෙන බවයි.

විදුලි ධාරිතාව පාලනයකින් තොරව නිවෙස්වලට යන නිසා විදුලි උපකරණවලට හානි ඇති විය හැකි බව ද ඔහු කියයි.