ලක්ෂ 25ක මත් පෙති සමඟ දෙදෙනකු සැකපිට


ටී.කේ .ජී.කපිල 
 
ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා මත් පෙති , ගබ්සා පෙති සහ මත් කුඩු ඩප්පි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට ගෙන තිබේ . 
 
මේ අතුරින් එක් පුද්ගලයකු  62හැවිරිදි වන අතර ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්ෆයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී. - 001 දරන ගුවන් යානයෙන්  ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . අනෙක් පුද්ගලයා පළමු පුද්ගලයා ගුවන් තොටුපොළේ සිට රැගෙන යෑමට පැමිණි   29 හැවිරිදි තරුණයෙකි.