ලක්ෂ 25 කන්න ගිහින් රිමාන්ඩ් බත් කයි


මාවනැල්ල ව්‍යාපාරිකයකුගේ බිරියගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ බව කියන ඔහුගේම සේවකයයෙක් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

චරිත අනුරුද්ධ මැණික් ආරච්චි ඔහුය. ව්‍යාපාරිකයාගේ ලැප්ටොප් පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය ඇති කරන ඩොන්ගලය නැති වු බවත් ඉන්පසු දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ නැති වු ලැප්ටොප් පරිගණකය තමන් සතු බවත් එහි නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා නොහරින්නම් කප්පම ගෙවන ලෙසත් කියා ඇති බවත් උසාවියේදී කියැවිණි.