ලක්ෂ 23 ක රන් කැබලි එළියට


රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා රන් කැබලි දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන  තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යාමට  පැමිණි ඉන්දීය ජාතිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

 සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ය.එල් 423 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගින්ගේ මාර්ගය ඔස්සේ පිටවීමට උත්සහ කරද්දී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි දෙකෙහි බර ග්‍රැම් 396 කි.

මේ පිළිබඳ විමර්ශනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී. විෙජ්තුංග මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම රන්  කැබලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී.විෙජ්තුංග මහතාගේ මෙහෙයවීමෙන්   රේගු අධිකාරීවරුන් වන  ඩී. රත්නකුමාර, ඒ.ආර් සේනාධීර,  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  එම්.කේ.යූ ගාමිණී, ඉඳුනිල් උදයාල් සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.එම්.කේ.ආර් රත්නායක, ජී.ඩබ්ලිව්.එම් ප්‍රසාද්, ඒ.එම්.එම් බී විෙජ්වර්ධන, ඩබ්ලිව්.ඒ.ටී.එම් විෙජ්සුරිය යන නිලධාරීහු සිදු කළහ.