ලක්ෂ 20කට පුද්ගල ඝාතනයක් සැලසුම් කළ දෙදෙනෙකු අල්ලයි


(ඩී. ජී. සුගතපාල)
 

රුපියල් ලක්ෂ විස්සකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගෙන සිටි කාන්තාවක සහ ඝාතනයට සූදානම්ව සිටි පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව රත්ගම පදිංචිකාරියක වන අතර, පළාත් පාලන ආයතනක මහජන සම්බන්ධිකරණ නිලධාරිනියකි. අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්වූ, ගෝනාපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඝාතනය කිරීමට උපදෙස් ලද පුද්ගලයා දුන් තොරතුරු අනුව ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
 
ඝාතනය කිරීමට නියමිත කාන්තාව සොයාගිය එම පුද්ගලයා ඇය මරාදැමීමට තමාට කොන්ත්‍රාත්ත්‍රවක් ලැබී ඇති බවත්, එහෙත් තමා එයට විරුද්ධ බවත් ඔහු පවසා ඇතැයි පොලිසිය කියයි. ඇය විසින් සිද්ධිය ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන්වීමෙන් පසු ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පරීක්ෂණය බාරදී ඇත.
 
ඝාතනය කිරීමට සුදානම්ව සිටි කාන්තාවගේ සැමියා මෙම කොන්ත්‍රාත්තුව ඇයට ලබාදුන් බව සැකකාරිය පොලිසියට පවසා ඇත.