සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල
ගාල්ල දෙවටේ සංචාරක නිකේතනයක කුඩා සේප්පුවක තිබූ රන් අබරණ තොගයක් සමග දේශිය සහ විදේශිය මුදල්ඇතුලු රුපියල් ලක්ෂ 18ක් පමන වටිනා දේපොළ සොරකම් කිරිම සම්බන්ධයෙන් ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි.
මෙම සංචාරක නිකේතනයේ සේවය කරන තරුණයෙකු සංචාරක නිකේතනය වසා එහි යතුර මල් බදුනක් යට සඟවා සංචාරක නිකේතනයේ සිටින සුනඛයින් දෙදෙනා මුහුදේ නෑවිමට ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් ඇත.
ඊටපසු සංචාරක නිකේතනයේ සේවකයා සුනඛයින් දෙදෙනා මුහුදේ නාවන විට තේ එකක් පානයකර එන බව පවසා ත්‍රී රෝද රථ රියදුරු පිටව ගොස් ටික වේලාවකින් ආපසු පැමිණ සුනඛයින් දෙදෙනා සහ සේවකයා රැගෙන සංචාරක නිකේතනයට ගොස් බස්සවා ආපසු ගොස් තිබේ.
මේ අතර සංචාරක නිකේතනයේ අයිතිකරු ඊට ටික වේලාවකට පසු පැමිණ බලන විට එහි කාමරයක තිබු කුඩා සේප්පුව අතුරුදහන් බව දැන ගෙන සේවකයාගෙන් විමසා ඇතත් තොරතුරක් ලැබී නොමැත.
පසුව සංචාරක නිකේතනයේ අයිතිකරු ගාල්ල වරාය පොලිසියට ගොස් රන් මාලයක් මුදු දෙකක් කරාබු ජෝඩුවක් ඇතුලු තවත් රන් අබරනද ඩොලර් 1520 ක් සහ මෙරට මුදල් රුපියල් අනූ පන් දහසක් ඇතුලු රුපියල් ලක්ෂ දහ අටක් පමන වටිනා දේපොල තිබූ සේප්පුව සොරකම්කර ගෙන ගොස් ඇති බවට පැමිණිලිකර ඇත.
ඒ අනුව පරික්ෂණ පැවැත්වු ගාල්ල වරාය පොලිසිය සුනඛයින් නෑවිමට රැගෙන ගිය ත්‍රි රෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සංචාරක නිකේතනයේ සේවකයා සුනඛයින් මුහුදේ නාවන අතරේ තේ පානය කිරිමට යන බව පවසා මුහුදු වෙරළෙන් පිටවී ගොස් සේවකයා යතුර සැගවූ තැනින් ගෙන සංචාරක නිකේතනය විවෘතකර එහි තිබු කුඩා සේප්පුව සොරකම්කර ගෙන ගිය බව හෙලිකර තිබේ.