(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශීතකරණයක බහා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පුවක සේවකයින් දෙදෙනෙකුද සිටින බවද රේගුව පවසයි.
ශීතකරණය තුල තිබී දුම්වැටි කාටූන් 115 ක් සොයා ගෙන ඇත. මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් පසු අදාළ තීරු බදු රහිත සාප්පුව ද පරීක්ෂා කළ රේගු නිලධාරීන් ඒ තුළ සගවා තිබූ තවත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 48 ක් ද සොයා ගෙන තිබුණි.
මෙම දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් 1,630,000 ක් බව රේගුව සඳහන් කළේය.
ලක්ෂ 16ක හොර සිගරට් ගුවන් තොටේදී අල්ලයි
Recommended Articles