සුජිත් හේවාජුලිගේ
පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.
මෙම ජාවාරමට සම්බන්ධ 28 හැවරිදි තරුණයකු මෙහිදී අත් අඩංගුවට ගන්නා ලදැයි කොළඹ සුරාබදු ස්ථානාධිපති චානක නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය.
සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න මහතාට ලැබුණු තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී යැයි නානායක්කාර මහතා කීය.
සැකකරු මෙම එක් මත් පෙත්තක් රුපියල් 8000කට අලෙවි කර තිබූ බවද හෙළිවී ඇත. මොහු හෙට (26) කොළඹ මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.