ලක්ෂ 15ක නීතීවිරෝධී සිගරට් සමඟ හයක් දැලේ


 

(තිලකරත්න දිසානායක)

නීති විරෝධීව සහ තීරුබදු ගෙවීමකින් තොරව මෙරටට ගෙනැවිත් බෙදා හැරීමට සුදානම් කොට තිබු රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු වේවැල්දෙනියේදී අත් අඩංගූවට ගැනීමට සුරාබදු අධිකාරියේ ගම්පහ කාර්යාලයීය නිලධාරීහු සමත්ව ඇත.

ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් කාර්යාලයට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර තිබේ. තුර්කියේ නිෂ්පාදිත, ප්‍රධාන නාමයක් සහිත සිගරට් වර්ග දෙකක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර සිගරට් 30000 ක පමණ තොගයක් මෙහි තිබී ඇත.

සැකකරුවන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 - 30 අතර වයසේ පසුවන අය බවත් මොවුන් කුරුණෑගල  සිට මෙම සිගරට් අලෙවි කිරීම් සිදු කරන බවත් සිදුකරනලද ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.