ලක්ෂ 15 ක මත්කුඩු සමඟ කහතුඩුවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ/ ශාන්ත කුලරත්න)
 
කහතුඩුව ප්‍රගති මාවතේ දී රුපියල් ලක්ෂ 15 ක මත්කුඩු තොගයක් සමඟ 23 හැවිරිදි  තරුණයෙක් අත්ඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

ප්‍රගති මාවතේ කුලියට ගත් නිවසක  මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත.

මෙම තරුණයා සමඟ ඔහුගේ සහෝදරිය හා ඇගේ සැමියා මේ සඳහා උදව් කර ඇති බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා පලා ගොස් ඇති බවත් නිවසේ  තැන තැන වැටී තිබු මත් පැකට් 25 ක් පොලිස් බාරයට ගෙන ඇත.