(මොහොමඩ් බුහාර්ඩීන්)
නිතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා බෙදාහැරිමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 15 ක් වටිනා දුම්වැටි 20000 ක් අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල වැඩබලන පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි‍්‍රයශාන්ත බණ්ඩාර මහතාට ලැබුණ තොරතුරකට අනුව විශේෂ පොලිස් නිළධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර ඇත.
එහිදි වැන් රථය තුල ඉතා සුක්ෂමව අසුරා තිබු දුම්වැටි 20000ක් පොලිසිය විසින් සොයා ගැනිනු අතර මෙහි වටිනාකම රු ලක්ෂ 15 ආසන්න බව පොලිසිය පවසයි.
මෙරට ඇති ප්‍රසිද්ධ දුම්වැටි වෙළඳ නාමයකට සමාන ලෙස මෙම දුම්වැටි තොගය නිපදවා ඇති අතර එහෙත් මෙහි රජයේ සෞඛ්‍යය අවවාදය හෝ දුම්වැටි වල නිසි ප්‍රමිතිය අඩංගු නොවන බව පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළි කරගෙන ඇත.
සැකකරුවන් දිගු කලක සිට මෙම ව්‍යාජ දුම්වැටි මෙරටට හොර රහසේ රැගෙන විත් වෙළඳපොළට නිකුත් කිරිමේ ජාවාරමක නිරත වී ඇති බවත් මොවුන්ට විරුද්ධව අධිකරණයේ පෙර වැරදි තිබේද යන්න පිළිබඳ සොයා බලන බවත් පොලිසිය පවසයි.