(සුමිත් ප්‍රේමතිලක)
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන "පානදුර සළිදු" නැමැත්තාගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමගින් ඊයේ (15) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි .
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර , රතුවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
රතුවත්ත බෝගස ආසන්නයේ දී සැකකාරිය පරික්ෂා කර ඇති අතර , පොලිතින් උරයක ඔතා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 105 යි මිලි ග්‍රෑම් 370 ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන දෙකක්ද භාරයට ගෙන තිබේ.
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට නියෝග ලබාගැනීමට නියමිත බව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා පැවසීය .

