කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කේන්ද්‍ර කොටගෙන තීරු බදු නොගෙවු විදේශීය මත් පැන් ජාවාරමක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයෙකු ඔහුගේ සුපිරි මෝටර් රථය සහ රුපියල් ලක්ෂ දොලහක් පමණ වටිනා රට මත් පැන් තොගයක් සමග මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බන සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු මීගමුව පෙරියමුල්ලේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කරමින් මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව කරගෙන ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
වැටලීමේදී ජොනි වෝකර් වර්ගයේ ලීටර් එක ප්‍රමාණයේ විස්කි බෝතල් 186 ක් සහ 2015 වර්ෂයේ නිෂ්පාදිත ටොයෝටා ප්‍රීමියෝ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන ඇත. මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කි.
අත් අඩංගුවට ගනු ලැබු මත්පැන් ගුවන්තොටුපොල ආශ්‍රීත ස්ථානයකින් ලබා ගත් බව සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පවසා ඇත.
සුරාබදු නිලධාරියෙකු ව්‍යාජ ගැනුම්කරුවෙකු ලෙස යොදවා විදේශීය මත් පැන් සැකකරුගෙන් ඇනවුම් කර ඇති අතර සුරාබදු නිලධාරියාට මත් පැන් විකිණීම සිදුකරන අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාපාරය සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බවත් ඔහු තරු පන්තියේ හෝටල් වල පවත්වනු ලබන විවාහ මංගල උත්සව වලට මත්පැන් සපයා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සුරාබදු නිලධාරීහු කියති.
මෙවැනි වර්ගයේ මත් පැන් බෝතලයක වෙළදපොළ වටිනාකම රුපියල් 6500 ක් පමණ උවද සැකකරු එය අලෙවිකර ඇත්තේ රුපියල් 3200 ක මුදලකටය.
ගුවන්තොටුපොළ ආශ්‍රීතව සිදුකරන බව කියන තීරු බදු නොගෙවු විදේශීය මත් පැන් ජාවරමක් පිළිබදව වැඩිදුර විමර්ශණ පවත් වන සුරාබදු නිලධාරීහු පවසන්නේ මෙම මාසය තුළ පමණක් තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් බෝතල් හාරසීයනට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම වැටලීම සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී ගුණවර්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) ෙජ්. පුෂ්ප කුමාර මහතාගේ සහ ජා ඇල සුරාබදු අධිකාරී ආර්.එම්.පී.බී ධර්මකීර්ති යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ඒ.ආර් ලැම්බට් ඇතුළු නිලධාරීහු සිදු කළහ.
සැකකරු ලබන 25 වෙනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



