ලක්ෂ 10ක හොර මත්පැන් අල්ලයි


ඉන්දිකා රාමනායක
 
උත්සව සමයේ   අලෙවි කිරීම සඳහා වෑන් රථය ප‍්‍රවාහන කරමින්  සිටි රුපියල් ලක්ෂ 10 ට ආසන්න  වටිනා නීති විරෝධී විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු අද  (18)  බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අත්අඩංගගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
 
සැකකරුගේ නීති විරෝධී විදෙස් මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත  පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  මෙම  මත්පැන් බෝතල් තොගය  ප‍්‍රවාහනය කරමින් සිටියදී කොටහේන ජින්තුපිටිය හංදියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව විවිධ වර්ගයේ  මත්පැන් බෝතල් 177 ක් තිබී ඇති බවද පැවසේ.
 
මෙම සියලූ මත්පැන්  තීරුබදු රහිතව මෙරටට රැුගෙන ඒවා බවද පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු කොටහේනේ ජින්තුපිටියේ පදිංචි (66* හිවිරිදි පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා කොටහේන පොලිසියට බාර දී ඇති අතර කොටහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.