(චන්දන ප‍්‍රනාන්දු සහ රවින්ද්‍ර ලියනගේ )
බලපත්‍ර නොමැතිව විදේශිය මත්පැන් බෝතල් 75 ක් නයිනමඩම ප‍්‍රදේශයේ නිවසක තබා ගැනිම සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු අද (25) සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
නිවසක විදේශිය මත්පැන් තොගයක් අනවසරයෙන් තබාගෙන ඇති බවට ලැබුණු තොරතුරක් මත මාරවිල අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් මත සිදුකළ පරික්ෂාවකදි මෙම මත්පැන් තොගය සොයාගත් බව පොලිසිය කියයි.
මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ විය හැකි බව පොලිසිය කියයි.
සැකකරු කාලයක සිට තම මිතුරන්ගෙන් හා නැදැයන්ගෙන් තෑගි ලෙස ලැබුණ මෙම මත්පැන් බෝතල් එකතුවක් ලෙස තබාගෙන ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
සැකකරු මෙම මත්පැන් අලෙවි කර ඇත්දැයි සොයා බැලිමට පරික්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

